Harry Potter 2 - the Chamber of Secrets sinhala dubbed

 





2002 නොවැම්බර් මස 15වෙනි දින තිරගත වුණ, හැරී පොටර් දෙවෙනි චිත්‍රපටය නම් කරලා තියෙන්නේ – Harry Potter and the Chamber of Secrets – නමිනි. IMDb ශ්‍රේණි දර්ශකයේ 7.4ක අගය ලබාගෙන තිබෙන මෙම චිත්‍රපටයේ ධාවන කාලය පැය 2යි විනාඩි 54ක්. (Extended)චිත්‍රපටයේ කතාව ගැන කියනවනම්, පුරාවෘත්තයකට අනුව හොග්වෝර්ට්ස් බලකොටුව ඇතුලේ රහස් කුටීරයක් තියෙනවා කියලා හැමෝටම දැනගන්න ලැබෙනවා. හැබැයි මේ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ හැරී, රොනුයි ඒවගේම හර්මයිනියි. ස්ලිදරින්වල උරුමක්කාරයා විතරයි හරියටම දන්නේ ඒක විවෘත කරන්නේ කොහොමද කියලා. නමුත් කවුරුවත්ම දන්නේ නෑ ස්ලිදරින්වල නියම උරුමක්කාරයා කවුද කියලා. කොහොමෙන් හරි ඒ රහස් කුටීරය වතාවල් කිහිපයකදි විවෘත වෙනවා. ඉතින් විවෘත වන හැම සැරයකම නපුරක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පාසලේ ඉන්න ළමයි ගල් ගැහෙනවා. ඉතින් මේ ඉරණමට ළමයි කිහිප දෙනෙක්ටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අතර හර්මයිනිත් ඉන්නවා. ඉතින් මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා දැනගන්න ඕනේ නම් කතාව බලන්න වෙනවා. එහෙනම් ඉතින් දැනට මං සමුගන්නවා.






Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

© Sinhala Dubbed Movies. All rights reserved. Distributed by Pixabin